Silmarilion Part II Valars and Maiar


ඉතින් අපි කලින් පෝස්ට් එකේ කතා කරා Ainur Music එක ගැන.ඉතින් මේ අයිනූර් ලා කීයක් ඉදියද කවුද කියලා තමා කතාකරන්නෙ.

අයිනූර් කියන ජීවීන් අතරින් 15 දෙනෙක් ශුද්දවන්තයින් වැලරුන් විදියට හදුන්වනවා.ඒ වගේම මේ 15 අතරින් ශ්‍රේශ්ඨතමයන් විදියට 7දෙනෙක් නම් කෙරෙනවා.ඒ අරතාර් වරුන් විදියට.මේ වැලරුන් 15 දෙනා නම් වශයෙන් අපි බලමු.

🔹Manwe Súlimo

මාන්වේ සුලිමෝ කියන්නෙ එරු ගෙ සිතුවිලි පැහැදිලිව ඉගෙන ගත් වගේම බලවත් හා යහපත් සිතුවිලි වලින් නිර්මානය වූ අයිනූර් කෙනෙක් ඒ වගේම ආර්දාවේ අධිරජු විදියටත් ඔහුව හදුන්වනවා.ඒ වගේම අරතාර් වරුන්ගෙ නායකයා වගේම වැලරුන්ගෙ නායකයා උනේද ඔහුයි.ඒ වගේම මෙල්කෝර් කියන්නෙ ඔහුගෙ සහෝදරයෙක්.මෙල්කෝර්ට මාන්වේට වඩා බලයක් තිබුනා.ඒ වගේම ආලෝකයේ දෙවගන විදියට හදුන්වන වාර්දා දෙවගන ඔහුගේ බිරිද වුනා.වැලිනෝර් වල පෙලෝරි කදුවැටියෙ ටන්ක්විටෙල් කියන කන්ද මුදුනෙ තමා මොහුගෙ රාජ්‍ය පිහිටලා තියෙන්නෙ.ඒ වගේම මොහුගේ යටතේ Eonwe කියන මයාර් වරයා සේවය කරනවා.

🔹Aule

මධ්‍යම.පෘතුවියෙ හැඩයන් ,කදු නිම්න ශිකර නිර්මානය කරන්නෙ අවුලේ විසින් .මොහු විසින් තමා පෙලෝරි කදු වැටියත් ප්‍රදීපස්තම්භ යුගයෙදි ආලෝක ප්‍රභව රැදවීමට කුලුනු දෙකක් (Helcar , Ringol ) උතුරින් හා දකුනෙන් නිර්මානය කර දෙන්නෙත්.ඒ වගේම පසු කලෙක ඩෘවෝෆ් ලා නිර්මානය කරන්නෙත් මොහුයි.මොහුගේ බිරිද වූයේ යවානා දෙවගනයි.ඒ වගේම මොහු යටතෙ අපි දන්න සරුමාන් හා සෞරෝන් එහෙමත් නැත්නම් මයිරොන් සේවය කරා.

🔹Mandos

මැන්ඩෝස් කියන්නෙ ශෝකයේ දෙවගන වුන නියෙන්නාගෙ සහෝදරයා.මොහුගෙ කාර්‍ය භාරය වුනේ ශාලාවක් භාරව සිටීම.මෙම ශාලාව වෙන් වුනේ මිය යන මනුශ්‍යන්ට එල්වයන්ට හා ඩෘවෝෆ් වරුන්ට.එල්වයන් අමරනීය වුනත් ඔවුන්ගෙ ශරීරය මිය යන්න පුලුවන් ඒ ලෙඩ දුක් වලින් නම් නෙමෙ.කෝම හරි මන්ඩොස් ගේ රාජකාරිය වුනෙ මේ ශාලාවට එන සියලු දෙනා භාරව සිටීම.ඒ වගේම මේ ශාලාව තුල සිරගත කරන අයට ලේසියෙන් පැනගන්න ලැබෙන්නෙ නෑ.මොහුත් අරතාර් 7 දෙනාගෙන් අයෙක්.

🔹Ulmo

උල්මෝ කියන්නෙ සාගරයට හා ජලයට අධිපති වැලාර් වරයා වගේම අරතාර් වරයෙක්ද වෙනවා.මොහු සිටින්නෙ හෙල්කාර් සාගර ගැඹුරේ තියෙන ඔහුගෙ මාලිගාවේ.ඒ වගේම මොහු යටතෙ Unien හා Ossë නම් සහයකින් දෙදෙනෙක්ද ඉන්නව. මේ දෙන්න හරහා තමයි Ulmo එල්ෆ්ල එක්ක ගණුදෙනු පවත්වන්නෙ. Ulmo අනෙක් වැලාරයන්ගෙන් ඈත් වෙලා ජීවත් වුවත් ඔහුව අවශ්‍ය වූ හැම මොහොතකම ඔහු තම සහෝදරයන් හට උපකාර කිරීමට ඉදිරිපත් වෙනව. Morgoth සමඟ ඇතිවූ යුද්ධයට උපකාර කිරීම සහ එල්වයන්ව අමාන් වෙත රැඟෙන ඒමට උපකාර කිරීම ඒකට හොඳ උදාහරණයක්. Valar ල එල්වයන්ව Aman වෙත එක්කගෙන යන්න තීරණය කරපු වෙලාවෙ මෙයාලට මෙච්චර ලොකු පිරිසක් ගැඹුරු මුහුද මතින් එගොඩ කරන්න ක්‍රමයක් තිබුනෙ නැහැ. ඉතින් Ulmo Beleriand වලින් කොටසක් කඩා වෙන් කරල එල්වයන්ව ඒ මත තියාගෙන Aman වලට එක්කගෙන යනව. මේ භූමු කොටස තමයි පස්සෙ කාලෙකදි Tol Eressea විදිහට නම් කෙරෙන්නෙ.

🔹Oromë

ඔරොමේ කියන්නෙ කියන්නෙ දඩයමට අධිපති වුනු වලාර් වරයා. බොහොම බලවත් වලාර් වරයෙක් විදිහට සැලකෙන ඔරොමේද අරාටාර් කෙනෙක් විදිහට සැලකෙනව. ඔරෝමේ ගේ අශ්වයා වුන Nahar ගෙන් තමයි Gandalf ගේ Shafowfax නම් අශ්වයා පැවත එන්නෙ. Tulkas කියන්නෙ යවන්නාගේ වෘක්ෂලතා සහ සත්වයන්ට බෙහෙවින් ආදරය කරපු කෙනෙක්. ඔරොමේ සහ මෙයාගෙ ශිෂ්‍යයන් නිතරම කාලය ගෙව්වෙ අඳුරට සේවය කරපු රාක්ෂයන් සහ යක්ෂයන්ව දඩයම් කරමින්. ඔරොමේ තමයි එල්වයන්ට වැඩියෙන්ම මිත්‍රත්වයක් දක්වපු වලාර් වෙන්නෙ. මොකද මෙයා තමයි එල්වයන්ව මුලින්ම හොයාගත්තෙ. එල්වයන්ට Eldar කියල නම තියෙන්නෙත් මෙයාම තමයි. ඔරොමේ තමයි එල්වයන්ව මොර්ගොත් ගෙ බලවේග වලින් ආරක්ෂා කරගෙන අමාන් වලට අරගෙන යන්න මූලිකත්වයන් අරන් කටයුතු කරපු කෙනා.ඒ වගේම Elder Days කියන මධ්‍යයම පෘථිවියෙ මුල් අවදියේදි මධ්‍යම පෘථිවියෙ සැරිසරපු එකම වලාර් වෙන්නෙත් මෙයාම තමයි.

🔹Tulkas

ටුල්කාස් තමයි වලාර් ල අතරෙ ඉන්න ශක්තිමත්ම සහ වේගවත්ම වලාර්වරය. මෙයා කවදාවත් ආයුධයක් හෝ ගමන් යාමට කිසිම සතෙක්ව පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. ටුල්කාස් මොන තරම් ශක්තිමත් දක්ෂ සටන් කරුවෙක් වුනත් මෙයා ඔරොමේ තරම් දරුණු පුද්ගලයෙක් නෙවෙයි. මෙයා හරියට තෝර් වගේ කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න, හැබැයි කොයි වෙලෙත් සටනක් හොය හොයා ඉන්න කෙනෙක්. (පෙනුමත් ටිකක් ඒ වගේ) කොහොම වුනත් මෙයා සමාව දෙන එකට නම් එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි.

ටුල්කාස් තමයි අන්තිමටම ආර්දාවට ආපු වලාර් වලය. මෙයා Timeless halls වල ඉඳන් ආර්දාවට එන්නෙ Melkor සහ මෙයාගෙ අනික් සහෝදරයන්ගෙ සටන ගැන දැනගෙන. මේ මොහොතෙදි Melkor සටන ජයග්‍රහණය කරන්න ඉතාමත් ලං වෙලා හිටියත් ටුල්කාස් ගෙ සිනහවෙ හඬ ඇසීමත් එක්කම Melkor පලා යනව. මොකද ටුල්කාස් ගෙ හිනා හඬට පුලුවන් ඕනම අඳුරු, නපුරු බලවේගයක් පන්නල දාන්න. මෙල්කොර් ව පන්නල දාල අලෝක ප්‍රදීප යුගලය නිර්මාණය කලාට පස්සෙ ටුල්කාස් නෙස්සා සමඟ විවාහ වෙනව.

ටුල්කාස් කියන්නෙ ගොඩක් නොඉවසිලිවන්ත කෙනෙක්. ටුල්කාස් හැම ප්‍රශ්නයක්ම විසඳන්න බලන්නෙ සටනකින්. එල්වයන්ගෙ පිබිදීම ගැන ගැටළුවෙදි පවා මෙල්කොර් එක්ක සටන් කරන්න මුලින්ම යෝජනා කරන්නෙත් ටුල්කාස්ම තමයි. ඒ වගේම ඒ සටනෙදි මොර්ගොත්ගෙ මූණ බිම ඇනෙන්න ගහල Aule විසින් නිර්මාණය කරපු දම්වැල් වලින් මෙල්කොර් ව බැඳගෙන යන්නෙත් ටුල්කාස්. කොහොම නමුත් මාන්වේ මෙල්කොර්ව නිදහස් කරපු එක ගැන නම් මෙයාගෙ වැඩි කැමැත්තක් තිබුනෙ නැහැ. ඒත් මාන්වේට විරුද්ධව කතා කරන්න අකමැති නිසාම මෙයා ඒ තීරණයට එකඟ වෙනව.

🔹Irmo (Lórien)

Irmo කියන්නෙ Lórien උද්‍යාන්‍ය නිර්මාණය කරපු වලාර් වරය. Irmo ගෙ හැකියාව තමයි සිහින සහ දර්ශනයන් (Visions) පාලනය කිරීම. Irmo කියන්නෙ Namo (Mandos) සහ Nienna ගේ සහෝදරයා. Namo වගේම Irmo ත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මෙයා ජීවත් වෙන ස්ථානයේ නමින්. (Lórien) Irmo තමන්ගෙ බිරිඳත් සමඟ තමන්ගෙ උද්‍යානයන් අතරෙ සාමයෙන් ජීවත් වෙන්න තමයි කැමති. මෙයා මධ්‍යම පෘථිවියෙ ඉඳන් ආපු එල්වයන්ටත් තමන්ගෙ උද්‍යානයේ සාමය භුක්ති විඳීමට ඉඩ දෙනව. Galadriel විසින් තමන් විසූ Lorien වනයද (Lothlorien) මේ Irmo ගෙ Lórien උද්‍යාන වගේ සුන්දර කරන්න තමන්ගෙ බල මුදුවෙ වලය භාවිතා කරනව. 

🔹Varda Elentári (Elbereth)

ආලෝකයේ දෙවගන විදියට මධ්‍යම පෘතුවියෙ මිනිසුන් වගේම එල්වයන් කුරුමිට්ටන් පවාඅදහන ඇය මාන්වේගේ බිරිද වුනා.ඇය විසින් එරුගෙ සිතුවිලි වල ඇති ආලෝකමත්බව වටහාගත්තා.ඒ වගේම ඇය විසින් මනුශ්‍යන්ට ඉර හා හද වගේම සුරයන්ට තාරකා ආලෝකයද සිල්මරිල් සදහා බලවත් ආශීර්වාදයක් ලබාදුන්නා.ඇය මාන්වේ ගෙ බිරිද වගේම ආර්දාවේ අග රැජිනියද වුනා.ඒ වගේම ඔලොරින් එහෙමත් නැත්නම් ගැන්ඩාල්ෆ් මැයගේ සේවක මයාර් කෙනෙක්.

🔹Yavanna Kementári

යවානා කියන්නෙ අරතාර් වරියක්.ඇය ඖලේ ගෙ බිරිද වුනා.ඒ වගේම මධ්‍යම පෘතුවියෙ ශාක මල් සියල්ල මැය විසින් නිර්මානය කරනවා ඒ වගේම හොබිට් ලත් මැයගෙ නිර්මානයක්  දෝ කියලත් ෆෑන් තියරි එකක් තියෙනවා.ඒ වගේම වැලිනෝර් හි ආලෝකයේ වෘක්ශයන් යනු මැය විසින් නිර්මානය කරපු විශිශ්ඨතම නිර්මානයක්.මේ ශාක ද්විත්වය නිර්මානයට නියෙන්නාගෙ කදුලු වගේම වාර්දාගෙ ආශීර්වාදය හා ඇයගේ මායා ගායනය ඉවහල් වුනා. ගස්ගොපල්ලන් යනු මැයගේ ඉල්ලීමකට එරු විසින් නිර්මාපිත ජීවින් කොටසක් කියලත් සදහන් වෙනවා.ඒ වගේම මැය යටතේ අයිවෙන්ඩිල් , මෙලියාන් වගේ මායර් වරුන් සේවය කරනවා.

🔹Nienna

සානුකම්පාව, විඳවීම සහ ශෝකයට අධිපතිනිය වෙන නියෙන්නා, මැන්ඩොස් ගේ සහෝදරිය සහ අරාටාර් වරියක්ද වෙනව. මෙයාව නිර්මාණය වෙලා තියෙන්නෙ ශෝකය පදනම් කරගෙන. බොහොම සංවේදී කෙනෙක් වෙන Nienna නිතරම අඳුරු බලවේග මගින් ලෝකයට කරල තියෙන්නෙ හානි වෙනුවෙන් වැලපෙනව. මෙයාගෙ නිවහන තියෙන්නෙ මැන්ඩොස් ශාලාව අසලමයි. ඒ නියෙන්නා නිතරම Mandos ශාලාවේ සිටින ආත්ම සමඟ කතාබහ කිරීමට සහ ඔවුන්ව සැනසීමට ආසා කිරීම නිසයි. ආලෝක වෘක්ෂයන් නිර්මාණයේදී නියෙන්නාගේ කඳුළු වලින් ඒවාට පෝෂණය ලබා දෙන්න මෙයා කටයුතු කරනව. ඒ වගේම මේවා විනාශ වීමෙන් පසුව Ungoliant ඇටුළු කල විෂ ඉවත් කරන්නෙත් නියෙන්නාගේ කඳුලු භාවිතා කරමිනුයි.

🔹Estë

එස්ටේ කියන්නෙ Irmo (Lórien) ගෙ බිරිඳ. මෙයාට ඕනම ශාරීරික හෝ මානසික වේදනාවක් සුව කිරීමට හැකියාවක් තිබුන. මෙයාගෙ සැමියා වගේම එස්ටේත් කැමති Lorien උදාන්‍යහ තුල සාමයෙන් ජීවත් වීමට සහ සාමය සොයා එහි පැමිණෙන එල්වයන්ට සහ අනෙක් අයිනූරයන් හට සත්කාර කිරීමට. මුලින්ම සූර්යා සහ චන්ද්‍රයා නිර්මාණය කිරීමේදී වාර්දාට උවමනා වුනේ මේ ආලෝක ප්‍රභවයන් දෙකම එකවර අහස ආලෝකමත් වෙන විදිහට පිහිටුවීමටයි. නමුත් එහෙන කලොත් මෙයාලගෙ උද්‍යානය විනාශ වන බවටත්, සුව නින්දට එය බාධාවක් වන බවටත් එස්ටේ සහ ඉර්මෝ පවසන නිසා වාර්දා විසින් දිවා සහ රාත්‍රී කාලයන් බෙදෙන ලෙසට සූර්යා සහ චන්ද්‍රයා පිහිටුවන්න කටයුතු කරනව.

🔹Vána

වානා කියන්නෙ යවන්නාගේ සහෝදරිය සහ ඔරොමේගෙ බිරිඳ. යවන්නා වගේම වානාත් මල් සහ වෘක්ෂලතා වලට ප්‍රිය කරපු කෙනෙක්. මෙයා ජීවත් වෙන්නෙ Lorien උද්‍යානය වගේම සුන්දරව මල් පිපුණු උද්‍යානයක. වානා විසින් ටුල්කාස් ගේ විවාහ දිනයෙදී නෙස්සා ව ඇගේ මල් වලින් සරසවපු බවට සඳහන් වෙනව.

🔹 Vairë

වෛරියේ කියන්නෙ අනෙක් වලාරයන් වගේ ගැඹුරින් විස්තර කෙරුන කෙනෙක් නෙවෙයි.  මෙයා තමයි මැන්ඩොස් ගේ බිරිඳ වෙන්නෙ. ඒ වගේම ආර්දාවෙ කතාවස්තුව ගෙතීම සිදු කරන්නෙත් Vairë කියල තමයි සඳහන් වෙන්නෙ.

🔹 Nessa

නෙස්සා කියන්නෙ ඔරොමේගෙ සහෝදරිය සහ ටුල්කාස් ගේ බිරිඳයි. ඇය වඩාත් ප්‍රසිද්ධ වෙන්නෙ ඇගේ අධික වේගය සහ නර්ථන හැකියාවන් නිසයි. Vairë වගේම Nessa ත් ගැබුරුන් විස්තර කර තිබෙන චරිතයක් නෙවෙයි.

මේ වැලරුන් යටතේ මයාර් ලා විශාල ප්‍රමානයක් සේවය කරා ඒ වගෙම එයින් කොටසක් මෝගෝත් සමග අදුරට එක් වුනා ඒ අය අතර මයිරොන් එහෙමත් නැත්නම් සෞරෝන් ද වුනා.

Comments