Morgoth Part III


පලවෙනි හා දෙවෙනි කොටස් වලට

https://www.facebook.com/100071511223843/posts/254716560255383/?mibextid=rS40aB7S9Ucbxw6v

https://www.facebook.com/100071511223843/posts/251257303934642/?mibextid=rS40aB7S9Ucbxw6v

අපි කලින් පෝස්ට් එකේ සදහන් කරපු විදියට Battle Of Unnumber Tears සටන මයෙද්‍රොස් ගෙ පිලේ පාවාදීමක් නිසා මේ සටන පරාජය වෙනවා.ඒ නිසා එයට සහභාගි උන  ෆින්ගොන් රජු මිය යනවා ඒ බැල්‍රොග් නායක ගෝත්මොග් අතින්.

මේ සටනෙන් පැනගන්න සමත් වෙන්නෙ සැගවුන රාජ්‍යෙ රජු වුන ටුර්ගොන් හා ඔහුගෙ සහයට පැමිනි එක්තෙලියන් හා ග්ලෝර්ෆින්ඩල් පමනි.ඒ හූරින් නම් මනුශ්‍යගෙ උදවුවෙන්.

හූරින් විසින් යුද හඩ දෙමින් ට්‍රෝල් පොරවක් අරගෙන ඕකයන් මරාදන්න වුනා.නමුත් ඔහුව මෙල්කෝර් ගෙ ග්‍රහනයට නතු වුනා.මෙල්කෝර් ඔහුව තාන්ගොඩ්‍රිම්.කදුවැටියෙ ඉහලම ස්තානයට ගෙන ගොස් පුටුවක සිරකරනවා.ඒ වගේම මොහුගෙ පෞලට ශාප කරනවා ඒ '

'මොවුන් යන තැනට විනාශය ගෙන දේවි මොවුන්ගෙ වචන මොවුන්ටම විරුද්ද වේවි.මොවුන් මිය යාවි ඒ මරනයට හා ජිවිතයට වෛර කරමින්.'

හූරින්ට මෙල්කෝර් ඔහුව නිදහස් කරොත් ඇරෙන්න මියයන්නත් බෑ වගේම එතනින් ගැලවෙන්නත් බෑ.මේ සටන පරාජයෙන් පස්සෙ මධ්‍යම පෘතුවියෙ උතුරෙ තිබුන රාජධානි සියල්ල විනාශ වුනා ඉතුරුව තිබ්බෙ එකක් පමනයි ඒ ගොන්ඩොලින් රාජ්‍ය.

මේ කාලයෙ මෙල්කෝර් විසින් උතුරු රාජදානි ලබාදෙනවා ඊස්ටර්ලින්ග්ස් ලට ඒ ඔහුට සේවය කරන්න.ඉතුරු වුන එල්වය්න් උටුම්නෝ වල වහලුන් විදියට අරන් ගියා.

කිර්ඩාන් හා සින්ඩරින් එල්වයන් වාසය කර බ්‍රිතෝම්බර් හා එග්ලරෙස්ට් වලට මෙල්කෝර් පහර දීලා විනාශ කරලා දානවා.මොවුන් සිරියන් නදිය මුහුදට වැටෙන ස්තානය දක්වා පලා යනවා.

මේ නිසා ඒ කාලෙ වීරයො දෙන්නෙක් උන බෙලෙග් ද ස්ට්‍රෝන්ග් බෝ හා ටූරින් ටුරම්භාර් කියන දෙන්නව අමෝන් රුද් කියන කන්දෙදි අල්ලගන්නවා.ඒ වාමනයන් කන්ඩායමක් විසින්.මෙතනදි ටූරින් අතින් බෙලෙග් මිය යනවා ඒ කලුවරේ වාමනයෙක් යැයි සිතා පහර දීමෙන්.මේ නිසා මොහු නාගොත්‍රොන්ඩ් රාජ්‍යට සංක්‍රමනය වෙනවා.ටූරින් හට නාගොත්‍රොන්ඩ් හි ප්‍රදාන තැනක් හිමිවුනා.

මේ කාලෙදි උල්මෝ වැලාර් වරයා පනිවිඩයක් එවනවා ඒ නාගොත්‍රොන්ඩ් වලට ඇතුල්වෙන්න තියෙන පාලම හා නගරය වහගන්න විදියට.නමුත් ටූරින් ඔරෙඩ්‍රෙත් ට කියනවා අපි යුද්ධයකට යන්න ඕන කියලා.මේ නිසා යුද්ද්‍යට ගිය නිසා ග්ලෞරන්ග් පහසුවෙන්ම.නගරය අල්ලගන්නවා.මීට අවුරුදු 10කටත් පස්සෙ ටූරින් විසින් සියදිවි නසාගන්නවා නමුත් ඒ ග්ලෞරන්ග් මකරවත් මකරවත් මරලා.

මෝගෝත් විසින් හූරීන්ව නිදහස් කරලා ඔත්තු කරුවන් එවනවා ඒ ගොන්ඩොලින් සොයාගන්න.නමුත් හැකිවෙන්නෙ නෑ.හූරින් විසින් නාගොත්‍රොන්ඩ් රාජ්‍යට පියමනිනවා.මෙහි තිබිලා නෞග්ලමීර් මාලය තින්ගොල් රජුට ලබාදෙනවා.තින්ගොල් විසින් නෞග්ලමීර් මාලය හා සිල්මරිල් මානිකය එකතු කරනවා.මේකට වශීවුන ඩෘවෝෆ් ලා මේ තින්ගොල් ව මරලා සිල්මරිල් සහිත නෞග්ලමීර් මාලය සොරකම්.කරනවා.

තින්ගොල් සතුව සිල්මරිල් මානික්‍යක් තිබෙන බව දැනගත් මධ්‍යම පෘතුවියෙ සිටි ෆෙයනෝර් වරුන් මේ ඩෝරියත් රාජ්‍ය විනාශ කරනවා.මෙල්කෝර් ට එරෙහිව තිබුනු අවසන් රාජ්‍යත් එසේ ඉවරයි.මෙතනදි සිල්මරිල් මානික්‍ය අරගෙන ඩියොර් ගෙ දුව වුන එල්වින්ග් සිරියන් නදිය මුහුදට වැටෙන ස්තානයට යනවා.

මීට ටික කාලෙකට පස්සෙ ගොන්ඩොලින් වල ඉදපු කුමාරයෙක් වුන මයෙග්ලින් ව මෝගෝත් ට හසු වෙනවා.මෝගොත් මොහුට ගොන්ඩොලින් රාජ්‍ය හා රජුගෙ දියනිය වුන ඉර්දීල් ව ලබාදෙන බවට පොරොන්දු වෙනවා.මේ නිසා ගොන්ඩෝලීනය පාවා දෙන මයෙග්ලින් පියා  වැටී මිය ස්තානයෙන්ම වැටී මිය යනවා.ඒ මෝගෝත් ගේ ආක්‍රමනය යටදී.මෝගෝත් විසින් බැල්‍රොගයන් වාමනයන් වෘකයන් මකරුන් සමග ගොන්ඩොලින් වලට පහර දෙනවා ඒ පලමු යුගයෙ 510දි.ගොන්ඩෝලීනයෙ වැසියන් නව වසර සැමරීමට නැගෙනහිර ඉර පායා ඒම බලාසිටියත් ඔවුන්ට බලාගන්න පුලුවන් වුනේ උතුරු දෙසින් ඇති වෙන ගින්දර වල ආලෝකයයි.ඒ මෝගෝත් ගෙ සේනාවයි.

ගොන්ඩොලින් රාජ්‍ය බිදවැටෙනවා මෙතනදි අදිරජ ටුර්ගොන් ග්ලෝර්ෆින්ඩල් එක්තෙලියන් මෙකී නොකී මෙහි සිටි ශ්‍රේශ්ට එල්වයන් සියල්ල මිය යනවා.මෙතනින් එරන්ඩිල් පැනගන්න සමත් වෙනවා.ඒත් Mouth Of Sirion වලට.මෙතනදි එරන්ඩිල් හා එල්වින්ග් හමුවෙනවා.එරන්ඩිල් ට වය්ස අවුරුදු 7යි එල්වින්ග් ට 4යි.

අවුරුදු 10කට පස්සෙ මොවුන් දෙන්නා කසාද බදිනවා.මොවුන්ට තමා එල්‍රොන්ඩ් හා එල්‍රොස් මොවුන්ට ලැබෙන්නෙ.මෙම ස්තානයටත් ෆෙයනෝර් වරු එනවා ඒ සිල්මරිල් මානික්‍ය ලබාගැනීමේ අදහසින්.මෙතන සිටි සියලුම එල්වයන් ගාතනය කරත් මොවුන්ට සිල්මරිල් මානික්‍ය ලබාගන්න වෙන්නෙ නැ.

එරන්ඩිල් යනවා වැලිනෝර් වලට ඒ මෝගෝත් ට එරෙහිව වැලරුන්ගෙ උදවු ඉල්ලන්.වැලරුන් කීප දෙනෙකුත් එයෝන්වේ ප්‍රමුක මයාර් වරුත් ඉන්ග්‍යෝවින් ඒ ඉන්වේ නම් වන්‍යාර් සුරයන්ගෙ රජුගෙ පුත්‍රයා යටතෙ සේනාවකුත් එවකට වැලිනෝර් නෝල්ඩෝර් අදිරජ වුන හා ගැලැඩ්‍රියෙල් ගෙ පියා වුන ෆිනාර්ෆින් යටතෙ නෝල්ඩෝර් එල්වයනුත් තොරොන්ඩෝර් යටතේ රාජාලියනුත් සමග මෝගෝත් ගේ හමුදා සමග අවසාන සටන ඇරබෙනවා War Of Wrath.

මේ සටනෙන් මෝගෝත් පරාජය වීගෙන ආවා ඔහුගේ අවසන් ආයුදය වුන පියාපත් සහිත මකරුන්ගෙ හමුදාවක් ඇන්කැලැගන් බ්ලැක් යටතේ සටන් භූමියට එනවා.මේ නිසා සුරයන්  හමුදාව පරාජයට ලංවෙන මොහොතෙදි එරෙන්ඩිල් හා රාජාලීන් හමුදාවක් එක්ව ඇන්කැලැගන් ව බිම දාන්න සමත් වෙනවා.ඒ සම්පූර්න දවසක සටනකින් පසුවයි.ඇන්කැලැගන් බිම පතිත වීමත් සමග තාන්ගොඩ්‍රිම් බිම කදු වැටිය විනාශ වෙලා යනවා.

මේ නිසා නැවත වරක් මාන්ඩෝස් ගෙ හිරකාරයෙක් වෙන්න බය වුන මෝගෝත් උටුම්නෝ වල හැංගෙනවා නමුත් නැවත වරක් මොහුව අල්ලගන්න වැලරුන් මෙවර ඒයාවෙන් එලියෙ Doors Of Night කියන කොටසෙන් එලියෙ හිර කරනවා.මෙහි ආරක්ශකයා විදියට එරෙන්ඩිල් ව අහසෙ රදවනවා.

මෙල්කෝර් ගෙන් ලබාගත් සිල්මරිල් මානික්ය්හ ත්‍රිත්වය ට එරන්ඩිල් සතු මානික්‍ය ෆෙයනෝර් ගෙ දරුවන්ගෙන් ඉතුරු වුන මයෙද්‍රොස් හා මැග්ලෝර් ඉල්ලා සිටියත් මාන්වේ ලබාදෙන්නෙ නෑ.මේ නිසා මොවුන් තීරනය කරනවා මේවා හොරකම් කරන්න.මෙම මානික්‍ය රදවා තිබු කුටීරයෙන් මොවුන් මේවා ගත්තත් මොවුන්ගෙ දෑත් මේවයෙන් පිලිස්සෙන්න ගත්තා.

අවසන් සිල්මරිල් මානික්‍ය වුන එරන්ඩිල් සතු මානික්‍ය ලබාගන්න උත්සහා කරත් ඔවුනට එය බැරි වෙනවා.ලබාගත් මානික්‍ය  ඇල්ලීමෙන් පස්සෙ පිලිස්සෙන්නෙ මොවුන් මේ මානිකය ලබාගන්න අපරිමිත ලෙස තමන්ගෙ නෑ සියන් වුන සහෝදර එල්වයන් ගාතනය නිසා.ඒ වාර්දා දෙවගනගෙ ආශීර්වාද නිසා.ඒ අපිරිසිදු හෝ මරනීය දෑතකින් අල්ලන්න නොහැකි වන විදියට.

මෙහෙම තමා මෙල්කෝර් ගෙ අවසානය වෙන්නෙ.

ඒ වගේම ටෝල්කීන්ගෙ කටු සටහන් වල තියෙනවා මෙල්කෝර් හා සිදුවන අවසන් සටන ගැන ඒ Dagor Dagorath.මේ සටනින් පස්සෙ මෝගෝත් ටූරින්ගෙ අතින් මිය යනවා කියලා.

Comments