Silmarilion Part 03 

    Awaking a Elves & Lights Of Valinor 


අපි කලින් පෝස්ට් එකේ කතා කරා වැලරුන් මධ්‍යම පෘතුවිය අතහැර නව වැලිනෝර් දේශයට පැමිනෙන කතාව ගැන අද එතැන් සිට.

මධ්‍යම පෘතුවියෙ රැදී සිටි මෙල්කෝර් විසින් එහි බටහිරට වෙන්න නිර්මානය කරනවා නව බලකොටුවක් ඒ ඇන්ග්බෑඩ්.මේ ඇන්ග්බෑඩ් බලකොටුව බාර දෙනවා ඔහුගේ ලුතිනන්ට් උන සෞරෝන් ට.ඒ වැලරුන් ගෙ පහර දීමක් වුවොත් බේරීමට.

වැලිනෝර් වලට ගිය වැලරුන් ඔවුන්ගෙ නව නිවාස පිහිටවා ගන්නවා.පෙලෝරි කදු වැටියෙ මාන්වේ හා වාර්දත් අනෙක් වැලරුන් වැලිමාර් වලත් මැන්ඩෝස් විසින් බටහිර සයුර ආසන්නයෙත්.උල්මෝ ගැබුරු සාගරයෙත් ඉර්මො එහෙමත් නැත්නම් ලෝරියෙන් විසින් ලෝරිලෙන් උයනත්.

මේ අතර තුර වැලිමාර් වලට බටහිර පොඩි කදු ගැටයක යවානා හා වාර්දා ගායනාවකට සූදානම් වෙනවා මේක බලවත් මායා ගීයක්.මේ මායා ගීය නිසා නියෙන්නට හැඩෙන්න ගන්නවා.මේ ගීතය හා නියෙන්නගෙ කදුලු මුසුව නව ශාක දෙකක් වැඩෙන්න ගන්නවා මේ ශාක දෙක වර්ධනය වෙලා අවසානයෙ නවතිනවා.

මේ ශාක දෙක තමයි ලෝරිලන් හා තෙල්පෙරියන්.මේ ශාක දෙකෙන් රිදී හා රත්‍රන් පැහැති ආලෝක කදම්භයක් මුසු වුනා.තෙල්පෙරියන් ශාකයෙන් රිදී පැහැයත් ලෝරිලන් ශාකයෙන් රන් පැහැයත් විහිදුනා.ඉතින් වැලිනෝර් වලට මේ ආලෝකයත් මධ්‍යම පෘතුවිය අදුරේත් පැවතුනා.

ඔරොමේ විසින් නිතරම මධ්‍යම පෘතුවියට ගොස් එහි සිටි මෝගොත් ගේ විකුර්ති ජීවින් විනාස කරන්න උනා.ඔරොමේ.ගේ නලාවේ හඩ.ඇසෙන සෑම විටම මෝගෝත් දැනගත්තා මේ ඔරොමේ වග.

මෙහෙම කාලයක් ගතවෙද්දි මධ්‍යම පෘතුවියෙ නැගෙනහිර කුයිවියේනන් වල සුරයන් පහල වෙනවා.මේ ගැන දැනගත් ඔරොමෙ විසින් මාන්වේ හට දැනුම් දෙනවා.

සුරයන් එහෙමත් නැත්නම් එල්වයන් මධ්‍යම පෘතුවියෙ පහල වෙන්නෙ වැලියන් වසර 1059දි ඒ කුයිවියේනන් කියන ගග අයිනෙ.මේ කාලෙ අදුරු අධිපති මෙල්කෝර් මේ එරුගෙ දරුවන් ගැන විමසිල්ලෙන් ඉදියා.

මේ අලුත උපන් එල්වයන් ගැන දැනගත් ඔර්මේ කියන වැලාර් වරයා මේ එල්වයන් හමුවට එනවා.මෙතන සම්පූර්න එල්වයන් 144ක් ඉදියා මේ අයව කොටස් තුනකින් සමන්විත වුනා.ඒ මින්‍යාර් ටට්‍යාර් හා නෙල්‍යාර් විදියට.මෙතන සිටී එල්වයන්ට ඔරොමේ ආරාදනා කරනවා වැලිනෝර් වලට.මුලින්ම එල්වයන් තුන් දෙනෙක් කැදවගෙන යනවා වැලිනෝර් වලට.ඒ ඉන්ග්වේ ෆින්වේ හා එල්වේ.

මේ තුන් දෙනා වැලිනෝර් වලට ගිහින් එහි සුන්දරත්වය වගේම.ආලෝකයෙ වෘක්ශයන් දැකබලාගන්නවා.මොවුන් නැවත පැමින අනෙක් එල්වයන්ටත් ආරාදනා කරනවා ඔවුන් සමග වැලිනෝර් වලට පිටත් වෙන්න.මේ කන්ඩායම් තුනෙන් කොටසක් වැලිනෝර් වලට යන්න කැමති වෙනවා වගේම කොටසක් අකමැති වෙනවා.මේ අකමැති වෙන කොටස අවාරි එල්වයන් ලෙස හදුන්වනවා.

ඒ වගේම මේ ගමනට කැමති වුන එල්වයන් ආලෝකයේ සුරයන් එහෙමත් නැත්නම් එල්ඩාර් සුරයන් විදියට හැදින්වුවා.මේ එල්ඩාර් සුරයන් යටතෙ කන්ඩායම් තුනක් විදියට සුරයන් වැලිනෝර් වලට පිටත් වුනා.ඒ එල්වේ , ෆින්වේ හා ඉන්ග්වේ යන නායකයන් යටතෙ.මේ එල්වේ යටතේ කිර්ඩාන් හා එල්වේ ගෙ සහෝදර ඔල්වේ ද සිටියා.

ෆින්වේ හා ඉන්ග් වේගෙ නායකත්වයෙන් යුත් කන්ඩායම් දෙකම මධ්‍යම පෘතුවියෙ බටහිර බෙලෙරියන්ඩ් වලට පැමින විවේක ගන්නවා.ඒ ඔවුන්ව සයුර තරනය කරන්න ක්‍රමයක් ඔරොමේ වැලාර් වරයා විසින් සොයා එනකල්.නමුත් එල්වේ ප්‍රමුඛ කන්ඩායම මිහිදුම් කදු වැටිය දැකලා අන්දුයින් නදිය අසබඩ නවතිනවා.ඒ වගේම මේ කාලෙ උතුරින් තිබු අදුරු සේයාව නිසා එල්වයන් බිය වෙනවා.මේ එල්වේ ගෙ කන්ඩායමෙන් කොටසක් අන්දුයින් නදිය දිගේ දකුනට යනවා මොව්න් නැන්දෝර් සුරයන් විදියට හදුන්වනවා.

එල්වේ ගෙ දිරිගැන්වීම.මත.මොවුන් නැවත මීදුම් කදු තරනය කරලා නැවතත් ගැලියන් නදිය අසල නවතිනවා.සිරියන් නදිය අසල සිටි සුරයන් කන්ඩායම් දෙක නැවතත් Velar බොක්ක අසලට පැමිනෙනවා.ඒ උල්මෝ විසින් ටොල් එරෙස්සේයා දිවයින මගින් සුරයන් ව වැලිනෝර්‍යට ගෙන්වා ගැනීමෙ අදහස ක්‍රියාත්මක කරන්න.

මේ අතර කාලයේ ගැලියන් නදිය අසල නැවතුන එල්වෙ ට ඇහෙනවා මායා ගීයක් මේ නිසා එල්වේ වශී වෙලා කැලය ඇතුලට යනවා.මේ නිසා කාලය ගෙවී යනවා.

එල්වේව සොයමින් කාලය ගතවෙන නිසා ඔල්වේ විසින් ඔහු සමග මේ එල්වයන් වැලාර් බොක්ක අසලට යනවා.තවත් සුරයන් ඔහුව කැලයේ සොයමින් සිටියා ඔල්වේ ගියනමුත් පරක්කු වැඩියි.

මේ එල්වයන්ට වශී උන මයාර් වරයෙක් වුන ඔස්සේ මොවුන් අසලට පැමින මොවුන්ට බෝට්ටු නිර්මානය ගැන කියලා දෙනවා.ඒ වගේම මේ සුරයන්ගෙන් කොටසක් මේ බොක්ක අසල නවනගර දෙකක් පිහිටුවනවා.ඒ බ්‍රිතෝම්බර් හා එග්ලරෙස්ට්.මේ එල්වයන් සමග කිර්ඩාන් නවතිනවා.

සුර කන්ඩායම් දෙක වැලිනෝර් වලට ගෙනියපු ටොල් එරෙස්සෙයා දිවයින නැවත මධ්‍යම.පෘතුවියට පැමින මේ එල්වයන් වත් වැලිනෝර් කරා ගෙනයනවා.නමුත් වැලිනෝර් වලට ආසන්නයේ මේ දූපත නැවතුන නිසා ඔස්සේ කියා දුන් ආකාරයට බෝට්ටු සාදා වැලිනෝර් වලට යනවා.

මේ එල්වයන් අතරින් ෆින්වේ හා ඉන්ග්වේ යටතෙ සිටි සුරයන්ට වගේම අනෙක් සුරයන්ට ආලෝක වෘක්ශයන්හි ආලෝකය ලබාගන්න හැකිවන විදියට පෙලෝරි කදු වැටියෙන් කොටසක් අයින් කරනවා.

මේ කොටසෙ ෆින්වේ විසින් ටූනා රාජ්‍යෙ ටිරියන් නගරය පිහිටවනවා.මෙහි කලක් ඉන්ගේ වෙගෙ පිරිස ඉදියත් ඔවුනුත් පසුව වැලරුන්ගෙ රජු වුන මාන්වේ සිටි ටන්ක්විටෙල් කදු වැටියට ගමන් කරනවා.අලුත පැමිනි සුරයන් හට මුහුද අසල රාජ්‍යක් ගොඩනගන්න උදවු කරනවා ඒ ෆින්වෙ විසින්.

ඉතින් මේ විදියට තමා සුරයන්ගෙ විකාශය වුනේ.

අපි මේක සටහනක් විදිය ගත්තොත්

ෆින්වේ ඉන්ග්වේ එල්වේ යටතේ
නෝල්ඩෝර් වන්‍යාර් හා ටෙලෙරි යන එල්වයන් කාන්ඩ තුන තමා ඉදියේ.

මේ අයගෙන් එල්වේ යටතෙ සිටි කොටස කීපයකට කැඩෙනවා.

ඒ ලෙන්වේ යටතේ අන්දුයින් නදියෙන් දකුනට ගිය අය නැන්දෝර් එල්වයන් විදියටත්
එල්වේ සමග කැලයෙහි නැවතුන අය හා බ්‍රිතෝම්බර් එග්ලරෙස්ට් නගර වල පදිංචි වු සුරයන් සින්දාර් එල්වය්න් විදියටත්
ඔල්වේ යටතේවැලිනෝර්හි ඇලක්වාලන්ඩ් වල සිටි අය ෆල්මාරි එල්වයන් විදියත්
හදුන්වන්න පුලුවන්.

ඉතින් මේ සම්පූර්න එල්වයන්ගෙන් වැලිනෝර් කරා යාමට කැමති උන සුරයන් මොරික්වෙන්දි එහෙමත් නැත්නම් ආලෝකයේ සුරයන් විදියටත් කුයිවියේනන් වල නැවතුන එල්වයන් කැල්කුලෙන්දි විදියටත් නම් වෙනවා.

එහෙනම්.කතාවේ ඊලග කොටසින් නැවත හමුවෙමු


Comments