ගොන්ඩෝර් වලට රජෙක් නෑ ඒ වගේම ඕනත් නෑ.
හායි මිතුරනි මම අද අරන් එන්නෙ මධ්යම පෘතුවියෙ තුන් වෙනි යුගයෙ ඉදපු දක්ශ යුධ වීරයෙක් ගැන කතාවක්.ඒ වෙන කවුරුවත් නෙමේ අපි හැමෝම දන්න බොරමීර් ගැන.අපි බලමු කෞද මේ බොරමීර් කියන්නෙ කියලා.
බොරමීර් ට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න Sean Bean මහතා.
බොරමීර් ඉපදෙන්නෙ ගොන්ඩෝර් රාජ්යෙ භාරකාරයා උන දෙවෙනි එක්තෙලියන් ගෙ පුත් ඩෙනතෝර් ට හා ඔහුගේ බිරිද ෆින්ඩුයිලාස් හට.ඒ තුන්වෙනි යුගයේ වසර 2978දි .මිය යන විටදි බොරමීර් උස අඩි 6.4ක් අදුරු පැහැ හිසකෙස් පොතට අනුවත් චිත්රපටයෙදි ලා දුඹුරු පැහැය්ත් වගේම.අලුවන් ඇස් යුගලයක් හිමිවුනා.ඒ වගේම මොහු හූරින් වංශිකයෙක්.දන්නවනෙ හූරින් කියන්නෙ මධ්යම පෘතුවියෙ ඉදපු යුධවීරයෝ.
බොරමීර් කියන්නෙ ගොන්ඩෝර් වල ඉදපු දක්ශම කමාන්ඩර් කෙනෙක්.(කොමන්ඩර් ඔෆ් නදර්න් ආමි වගෙ නෙමෙ)බොරමීර් හා ඔහුගේ සහෝදරයා ෆරමීර් සමත් වෙනවා ඔස්ගිලියත් නැවත වාමනයන්ගෙන් අල්ලගන්න.ජනතාව වෙනුවෙන්ම කැපවුන බොරමීර් ඔස්ගිලියත් වල නැගෙනහිර කොටස සදහා කල සටනකදී අන්දුයින් නදියේ පිහිනා ඔහුගේ ජීවිතය බේරගන්නවා .ඒ තුන්වන යුගයෙ 3018 වසරේය.
බොරමීර් ට වයස අවුරුදු 10දි තමන්ගෙ මව මිය යනවා වගේම ෆරමීර් සමග වඩාත් ලගින් සිටීමට වැඩිමල් සොයුරු විදියට බොරමීර් කැපවෙලා සිටියා.
බොරමීර් මිනාස් ටිරිත් හි සිටි කලෙක මොහුට එක් සිහිනයක් පෙනෙනවා ඒ සිහිනය ඇතුලේ තේරවිල්ලක් දකිනවා.පහලින් ඒක දාන්නම්.ඉතින් මේ තේරවිල්ලෙ තේරුම සොයන්න දින 110ක් පුරාවට එල්රොන්ඩ් ගෙ කෞන්සිලයට් යනවා.මේ ගමන අතර තුර බොරමීර් ගෙ අශ්වයා නැති වෙනවා.ඉතින් මොහු මේකට යන්නෙ පයින්.
ඉතින් එතනින් එහාට උන දේවල් ඔයාලා දන්නවනෙ.මෙරී හා පිපින්ව ඕර්කයන්ගෙන් බේරගන්න ගොස් ඊතල පහර පිට පහර වැදිලා ගෞරවාන්විතව මිය යනවා.
ඉතින් මෙතනින් පස්සෙ බොරමීර් ගෙ මරනය ගැන ඩෙනතෝර් ට ආරංචි වෙනවා වගේම බොරමීර් ගෙ ශරීරය හමුවෙන්නෙ ඔහුගේ සහෝදරයාටයි.
නමුත් අපිට Lord of the rings චිත්රපට වල දකින්නෙ නම් බලමුදුව පිලිබද ඩෙනතෝර් සවන් වැකිලා මුදුව රැගෙන එන්න කියලා එහෙන් එවපු බොරමීර් කෙනෙක්ව.
බොරමීර් කියන්නෙ දක්ශ සටන් කරුවෙක් කියන එක අනිවාර්යෙන් නැවත නැවත උනත් කියන්න ඕන කරුනක්.රොවෑනියන් කෙනෙක් උන එයොමර් පවා මොහුව අගය කරලා තියෙනවා.
Comments
Post a Comment