Melkor Aka Morgoth Part I

The Black Foe ,Black Tyrant එහෙමත් නැත්නම්.මෙල්කෝර්.මේ වගේ විවිද නම් වලින් මෙල්කෝර් ව හදුන්වනවා.අපි බලමු මෙල්කෝර් ගෙ ආරම්භය හා අවසානය ගැන මේක එක පෝස්ට් එකකින් ගේන්නෙ නෑ කොටස් කීපෙකින් ගෙන්නම් එහෙනම්.යමු පෝස්ට් එකට.

මෙල්කෝර් කියන්නෙ මධ්‍යම.පෘතුවියෙ නිර්මාපකයා උන එරු ඉලුවතාර් විසින් නිර්මානය කරපු ජීවියෙක්.ඒ වගේමයි මෙල්කෝර් වගේම තව අයිනූර් වරුන් නිර්මානය වුනා.මේ අයිනූර් ලා කොටස් දෙකකට බෙදෙනෙවා ඒ තමා මයාර් හා වැලාර් විදියට වැලරුන් 14ක් ඉන්නවා වගේම මේ 14දෙනාගෙනුත් 8දෙනෙක් අරතාර් වරුන් විදියට නම් වෙනවා.


එරු විසින් මේඅයව නිර්මානය කරන්නෙ කාලයේ හා අවකාශයෙ එපිටින් තියෙන ටයිම්ලස් හෝල් එක
ක.මේකේ කාලය ගනනය කිරීමක් වෙන් නෑ.

මෙල්කෝර් කියන්නෙ අනික් වැලරුන්ටත් වඩා ගොඩක් බලවත් කෙනෙක්.ඉතින් මෙල්කෝර්ට අවශ්‍ය උනා තමන්ගෙම ජීවීන් නිර්මානය කරන්න.මේකට අවශ්‍ය Flame Of Imperishable කියන ජීව අග්නිය හොයන්න මෙල්කෝර් මේ අකාලික මැදුරෙ තනිවම ගමන් කරනවා.ඒත් මෙල්කෝර්ට මේක හම්බෙන්නෙ නෑ.මේ Flame Of Imperishable කියන්නෙත් එරු ටමයි කියලා එරු විසින් කියනවා.

ඉතින් එරු විසින් තනුවක් ගයන්න පටන් ගන්නවා.මේ තනුවෙ සද්ද්‍ර් ටික ටික වැඩි වෙනවා.ඒ වගේමයි මේ පොදුවේ අයිනූරයන්ගෙන් කොටසක් තනි තනිව යුගල වශයෙන් හා කන්ඩායම් වශයෙන් මේ තනුව ගයන්න ගන්නවා.මෙල්කෝර් විසින් තමන්ගෙම ඝෝශාකාරි තනුවක් මේකට පරයා යන්න ගායනා කරනවා.එරුගේ පලමු තනුව මෙල්කෝර් ගේ බාධා කිරීම් නිසා නතර වෙනවා.

එරු විසින් දෙවැනි තනුවත් ගයන්න ගන්නවා මෙවරත් අයිනූරයන් යුගල වශයෙන් හා තනිව තනිව මේ එරුගේ තනුව ගායනා කරනවා.මෙල්කෝර් විසින් නැවතත් මේ ගායනයට විරුද්දව ගායන කරලා විනාස කරනවා.මෙවර එරු විසින් තමන්ගෙ දකුනු අත ඔසවලා නැවත ගායනය ආරම්භ කරනවා.මෙවරත් මෙල්කෝර් විසින් ගායනය අතරතුර බාධා කරනවා.

මෙවර එරු කියනවා ' අයිනූරයන් අතර නුඹ බලවත්ම අයිනූරයා උනාට නුඹ මෙල්කෝර් මම එරු ඉලුවතාර් කියා නුඹ දැනගන්න ඕන.කියලා ඉතින් මේ නිසා මෙල්කෝර් නින්දවටත් කේන්තියටත් පත් වෙනවා.මේ අතර එරු විසින් අයිනූරයන්ට පෙන්නනවා තමන්ගේ ගායනා වල ප්‍රතිපල.මෙම ගායනා තුලින්

Ea
Arda ව නිර්මානය වෙලා තියෙනවා.

Ea ව කියන්නෙ විශ්වයට Space එකට ඒ වගේමයි ආර්දාව කියන්නෙ මධ්‍යම.පෘතුවියේ ලෝකයට.

ඉතින් සියලුම අයිනූරයන් ඇවිල්ලා මධ්‍යම.පෘතුවිය ලස්සන තැනක් කරනවා.ගංගා කදු නිම්න වගේ ගොඩක් දේවල්.නිර්මානය කරනවා.ඒ වගේමයි ගස්වැල් මල් පලතුරු සත්තු කියන දේවල්.

මේ ඔක්කොම ටයිම්ස් හෝල් එකේ ඉදන් බලන් ඉදපු මෙල්කෝර් ඇවිල්ලා මේ සියල්ල විනාශ කරන්න ගන්නවා 🥲මොකද එරුට වෛර කරන නිසා.මෙල්කෝර් එරුගෙ සියල්ලටම වඩා වෛර කරේ එරුගෙ දරුවන් උන එල්වයන්ට හා මිනිසුන්ට.

මෙල්කෝර් ඇවිල්ලා අයිනූරයන්ට බාදා කරමින් මධ්‍යම.පෘතුවිය විකුර්ති කරන්න ගන්නවා.ඉතින් මෙච්චර වෙලා ටයිම්ලස් හෝල් එකේ ඉදපු අනිත් වැලාර් වරයා වුන ටූල්කාස් මේ මොහොතේ මධ්‍යම පෘතුවියට එනවා.මෙල්කෝර් ව Ea වටම හඹාගෙන ගියත් අල්ලගන්න බැරි වෙනවා.ඉතින් මෙල්කෝර් නොමැතිව වැලියන් වසර කීපයක් ගතවෙනවා.

මේ කාලයෙ ටූල්කාස් හා නෙස්සා දෙවගනගෙ විවාහය සිද්ධවෙනවා.ඉතින් ගැබුරු නින්දකට ටූල්කාස් වැටුනා කියලා දැනගන්න මෙල්කෝර් කාටත් හොරෙන් මධ්‍යම.පෘතුවියට පැමිනෙනවා.ඒ වගේම මෙල්කෝර් යටතට මායාර් වරුන් තුත් එකතු වෙනවා.මේ අතර සෞරෝන්ද හිටියා.මෙල්කෝර් විසින් හැමෝටම හොරෙන් මධ්‍යම.පෘතුවියෙ උතුරින් නිර්මානය කරනවා උටුම්නෝ බලකොටුව මේක මිහිපිට අපාය කියලා තමා හැදින්වුනේ.ඉතින් සෞරෝන්ගෙ නැවත පැමිනීම ගැන දැනගත්ත වැලාර් ලා මෙල්කෝර් ව හෙවුවත් පරක්කු වැඩී මොකද මෙල්කෝර් තමන්ගෙ මයාර් වරුන් සමග අල්මරේන් දිවයිනට පහර දෙනවා ඒ වගේමයි ඉලුයින් හා ඔර්මාල්.ආලෝක ප්‍රදීපස්තම්භ දෙක විනාශ කරනවා.වගේම ආර්දාව කොටස් තුනකට වෙන් වෙන්න විනාශ කරනවා.

උඩ කිවුවා වගේම.ආර්දාව කොටස් තුනකට කැඩෙනවා ඒ තමා

බටහිර වැලිනෝර් දේශය
නැගෙනහිර සූර්‍ය දේශය වගේම
මධ්‍යම.පෘතුවිය.

ඉතින් මෙල්කෝර් විසින් තමන්ගෙ දකුනු අත උන සෞරෝන්ට ඇන්ග්බෑඩ් නම් බලකොටුවක් උතුර්‍රේ බටහිර හෙල්කරාක්ස කදුවැටියට ආසන්නයෙන් හදලා දෙනවා.මොකද වැලරුන්ගෙ ප්‍රහාර වලට මූන දෙන්න හිතාන.මධ්‍යම පෘතුවිය නැවත අදුරට පත් වුනා.

වැල්නෝර් වලට ගිය වැලරුන් එහි නව නගර බිහිකරා.

වැලිමාර් කියන නගරයේ ඔවුන් නව ආලෝක ප්‍රභව දෙකක් පිහිටෙවුවා ඒ තමා තෙල්පෙරියන් හා ලෝරිලන් කියන ශාක දෙක.මේවා තමා වැලිනෝර් වලට ආලෝකය දුන්නේ.නමුත් මධ්‍යම පෘතුවියෙ වැලරුන් හා මායාර් වරුන් කීපදෙනෙක් නැවතිලා ඉදියා

උල්මෝ ජලයට අධිපති වැලාර් වරයා
ඔරොමේ දඩයක්කාරය
මෙලියාන් මායාවරිය.

ඉතින් මේ වැලියන් වසර 1050දි එරුගෙ පලමු දරුවන් උන එල්වයන් කුයිවියේනන් වල පහල වෙනවා.මේ ගැන ඔරොමේ මාන්වේට කිවුවා.මෙල්කොර් විසින් මේ අලුත උපන් එල්වයන් අල්ලගන්න තමන්ගෙ සේනා එවුවා වගේම වැලරුන් විසින් මේ එල්වයම් වසර 2ක් ආරක්ශා කරා ඒ ඔරොමේ නැවත පැමිනෙන තුරු.මේ කාලයෙදිම ටුල්කාස් ඖලේ මාන්වෙ එයෝන්වේ කියන අයිනූර් වරුන් මෙල්කෝර් ව අල්ලගෙන යනවා ඒ මාන්වේ ලගට.මොවුන් උටුම්නෝ බලකොටුව බිදලා මෙල්කෝර් ව වැලිනෝර් වලට රැගෙන යනවා ඒ ඇස් අත් කකුල් ගැටගහලා.මේ මෙල්කෝර් සමග වුන යුද්ධ නිසා එල්වයන් ගොඩක් බය වෙනවා මොකද අහස දිස්වෙන්නෙ රතු පාටින්

මෙල්කෝර් ව වැලියන් වසර 1099දි මාන්වේ ට ඉදිරිපත් කරනවා.මාන්වේ විසින් සමාව දෙන එක ප්‍රතික්ශේප කරලා මොහුව මැන්ඩෝස් කියන වැලාර්ගෙ ශාලාව තුල හිර කරනවා.මෙම ශාලාවෙන් කිසිම කෙනෙකුට පැනලා යන්න තියා හිතන්නවත් බෑ.

මෙල්කෝර් ව යුග තුනක් වැලියන් වසර 300ක් හිරකරනවා වැලිනෝර් වල.මේ කාලය ඇතුලේ එල්වයන් මධ්‍යම පෘතුවියෙන් වැලිනෝර් වලට ඇවිල්ලා ඉවරයි වගේම මොවුන් වර්ග කීපයකට කැඩිලා ඉවරයි.අපි.පස්සෙ එල්වයන්ගෙ විභේදනය ගැන කතා කරමු.

මෙල්කෝර් තමන්ගෙ නිදහස නැවත ඉල්ලා ඉදියත් ඔවුන් ප්‍රතික්ශේප කරනවා නමුත් ඔහුට අවස්තාව ලැබෙනවා.වැලිනෝර් වලම රැදී ඉන්න.මේක අවස්තාවක් කරගත්ත මෙල්කෝර් මේ එල්වයන්ව කරප්‍ට් කරන්න පටන් ගන්නවා මෙල්කෝර් මේකට තෝරගන්නෙ නෝල්ඩෝර් එල්වයන්.මොකද අනෙක් වන්‍යාර් ජාතිකයන් ඔහුව විශ්වාස කරන්නෙ නෑ වගේම ටෙලෙරි එල්වයන් දුර්වල වැඩි නිසා.

මේ කාලයේ නොල්ඩෝර් අධිරජ ෆින්වේට උපදිනවා ෆෙයනෝර් නම්.එල්වයෙක්.මොහුව තමා මෙල්කෝර් තමන්ගෙ වැඩ වලට යොදාගන්නෙ.ඉතින් මෙල්කෝර් ෆෙයනෝර්ව නොමග යවනවා.ඒ වගේම ෆෙයනෝර් විසින්  නිර්මානය කරනවා Silmaril නම් මානික්‍ය ත්‍රිත්වයක් මේ මානික්‍ය ලබා ගැනීමේ ආශාවත් මෙල්කෝර්ට තිබ්බා.

ෆෙයනෝර් හා ඔහුට ඉදපු බාල සොහොයුරු ෆින්ගොල්ෆින් සමග වෛරයක් ගොඩ නැගෙවුවා.මේ නිසා ෆෙයනෝර් ව ඔහු සිටි ටිරියන් වලින් පිටුවහල් කරනවා ඒ ඔහු විසින් නිර්මානය කරපු ෆෝමෙනොස් බලකොටුවට.පසුව ඔහුගේ පියා උන ෆින්වේ ද ෆෙයනෝර් සමග යන්න වුනා.

පසුව වසර දෙකකට පමන පස්සෙ මෙල්කෝර් නැවත පැමිනෙනවා.මෙල්කෝර් ඇවිත් කියනවා

සිල්මරිල් මානික්‍ය වැලිනෝර් වල ආරක්ශා නැති බවත් මධ්‍යම.පෘතුවිය වෙත යෑම එකම විකල්පය බවත්‍ය නමුත් ෆෙයනෝර් මෙම අවස්තාවෙදි මෙල්කෝර් ව එලවනවා.

මෙම අවස්තාවෙදි මෙල්කෝර් වැලිනෝර් වල දකුනට ගමන් කරනවා.මේ පැත්තෙ තමා ඉදියේ උන්ගෝලියන්ට් කියන මැකිලිය.මෙයාට තිබ්බා ඉවර වෙන්නෙ නැති බඩගින්නක්.

උන්ගෝලියන්ට් විසින් මෙල්කෝර් ට හා තමන්ට තමන්ගෙ දැල් වලින් බැදපු කබාවලින් වහගෙන කාටත් හොරා වැලිමාර් වල ආලෝකයෙ වෘක්ශය්න් වෙතට.මුලින්ම.මෙම ආලෝකයෙ වෘක්ශය්න් උන්ගෝලියන්ට් විසින් උරා බීපු අතර උන්ගෝලියන්ට් ඉතා දැවන්ත ලෙස වර්ධනය උනා.පස්සෙ මෙල්කොර් හා මෑ විසින් ෆොමේනොස් වලට පහර දිලා ෆින්වේ අදිරජ තුමත් ගාතනය කරලා සිලමරිල් අරගෙන හෙල්කරාසෙ කදුවැටිය හරහා මධ්‍යම.පෘතුවියට එනවා.මෙ එන අතර තුර මෙල්කෝර් සතු සියලුම මානික්‍ය උන්ගෝලියන්ට ලබා දුන්නත් ඇය තව තවත් ඉල්ලුවා.මේ නිසා තාන්ගොඩ්‍රිම් වලදි මෙල්කෝර් ගෙ මග හරස් කරලා හිටගත් උන්ගෝලියන්ට් සිලමරිලු මානික්‍ය දෙන ලෙසත් ඉල්ලා සිටියා.මෙල්කෝර් විසින් ප්‍රතික්ශේප කර නිසා මෙල්කෝර්ව තමන්ගෙ මකුලු දැල් වල හිර කරන්න උන්ගෝලියන්ට් කටයුතු කරනවා.මෙතනදි මෙල්කෝර් ගෙ කෑගැහීමකට ඇහුරුනු බැල්‍රොගයන් උන්ගෝලියන්ට් ගෙන් මෙල්කෝර් ව බේරාගෙන උටුම්නෝවට ආවා. 


මෙල්කෝර් විසින් තමන්ගෙ සිල්මරිල් සොරාගත් බව දැනගත් ෆෙයනෝර් ඔහුට The Black Tyrant කියන නමෙන් කතා කරනවා.ඒ වගේම ඔහු නෝල්ඩෝර් අදිරජ තනතුර අරගෙන ප්‍රතිඥාවක් දෙනවා.ඒ තමා ලෝකාවසානයට කලින් සිල්මරිල් මානික්‍ය තමන්සතු කරගන්නා බවටත් මෙල්කෝර් සමග සටන් කර ඒවා ගන්නා බවටත්.නෝල්ඩෝර් එල්වයන් විසින් මධ්‍යම.පෘතුවිය්ට පැමීනීමට බෝට්ටු අවශ්‍ය උනත් නිර්මානයට කලක් ගතවන නිසා ටෙලෙරි එල්වයන් ගාතනය කර බෝට්ටු ලබාගෙන මධ්‍යම.පෘතුවියට එනවා.

ඊට පස්සෙ ෆෙයනෝර් සමග සටන් කරන්න වාමන සේනාංක එවුවත් ඒවා පරාජය කරපු ෆෙයනෝර් ට හමුවෙන්නෙ බැල්‍රොගයන් සේනාවක්.මෙම බැල්‍රොගයන්ගෙ නායකයා උන ගෝත්මොන්ග් විසින් ෆෙයනෝර්ට මරනීය තුවාල ලබාදීමෙන් මිය යනවා.

ඉතින් මේ ඇරබෙන්නෙ මධ්‍යම පෘතුවියේ බෙලේරියන්ඩ් වල මෙල්කෝර් හා ගැටුනු කතා ඊලග පෝස්ට් එකේන් අරන් එන්නම්

❤️✌️

Comments