Mae Gwanen Mellonin
අපි අද අපේ පලවෙනි වීඩීයො එකෙන් කතා කරන්න යන්නෙ මධ්‍යම පෘතුවියේ ආරම්භය හා අයිනූරයන් හා ආර්දාව එරු ඉලුවතාර් විසින් නිර්මානය කරපු ආකාරය ගැන.
මේ මධ්‍යම පෘතුවි ෆැන්ටසිය J.r.r. Tolkien මහතා විසින් රචනා කරලා තියෙන්නෙ එංගලන්තයට ආවේනික උන පුරාවෘතයක් නිර්මානය කරන්න ඉතින් මේ මධ්‍යම පෘතුවි ලෝකයත් නිර්මානය වෙන්නෙ මහා මැවුම් කරු දෙවියන් විසින් කරවූ නිර්මානයක් විදියට.
ඉතින් මේ කතාව ආරම්භ වෙන්නෙ කාලයේ හා අවකාශයෙ පැවැත්මෙන් තොර ශාලාවක සිටින එරු ඉලුවතාර්ගෙ තනිකම නැති කරගන්න කරපු දෙයක් නිසා.මේ එරු නොහොත් ඉලුවතාර් තමන්ගෙ මනසින් හා ජීවයේ අග්නිය භාවිතයෙ අයිනූර් නම් ජීවින් කොටසක් නිර්මානය කරනවා.මේ අයිනූර් නිර්මානය දේව කතා වල එන දෙවියන් වහන්සේ දේවදූතයන් මැවීම හා සමානයි කියලා තමා කියන්නෙ.
ඉතින් මේ නිර්මානය කරපු දේවදූතයන් සියල්ල පොදුවේ අයිනූර් ජීවීන් විදියට නම් කෙරෙනවා නමුත් මොවුන් එරුගෙ දරුවන් විදියට ඔහු සලකන්නෙ නෑ.
මේ අයිනූරයන් සියල්ල අතරින් එක් බලවත් අයිනූරයෙක් ඉදියා ඔහු තමන්ගේම ජීවින් නිර්මානයට එරු ඉලුවතාර්ගෙ ජීවයේ අග්නිය හොයමින් කාලය ගත කරා.
පසුව එරු ඉලුවතාර් විසින් මොවුන්ට තනුවක් ගායනය කරනවා.මේ තනුවට තවත් අයිනූරයන් එකතු වුනා.සංධ්වනියක් බවට පත් උනා මේ මිහිරි සංධ්වනිය අතරින් එක් රළු සංගීතයක් මතු උනා අර්ථ විරහිත ගායනයේ නැගීමත් එක්ක එරුගෙ පලමු තනුව නතර වුනා.
දෙවෙනි වරටත් එරු විසින් තමන්ගේ සුන්දර තනුව වයන්න පටන් ගත්තා මෙවරත් අනෙක් අයිනූරයන් යුගල හා කාන්ඩ වශයෙන් මේ තනුව ගායනා කරන්න පටන් ගත්තා.සංධ්වනියේ ඉහලම තැනට ගමන් කරද්දි මෙවරත් ඝෝශාකාරී ගායන හා වාදන මතු වුනා.එරු තමන්ගේ එක අතක් ඔසවා තවත් වරක් ගායනය පටන් ගත්තා.මෙවරත් අයිනූරයන් පෙර සේම ගායනයට එක් වුනා.උච්චතම අවස්තාවට යත්ම නැවතත් මේ ගීයට එරෙහි වාදනය පටන් ගත්තා.මෙවර් එරු විසින් නැගිට මෙල්කෝර් අමතලා කියනවා
තමන් අයිනූරයන් අතර බලවන්තයා වෙන්න පුලුවන්..නමුත් නුඹ මෙල්කෝර් මා නුඹව මැවූ එරු ඉලුවතාර් බව මතකයේ තබාගන්න කියා සැර කරනවා.
මේ නිසා ලැජ්ජාවටත් පත් වුන මෙල්කෝර් අනෙක් අයිනූරයන්ගෙන් ඈතට යනවා මේ අකාලික මැදුරෙ නිමක් නොමැතිව ඇවිදිනවා.
මේ අතරෙ එරු ඉලුවතාර් විසින් අනෙක් අයිනූර්යන්ට පෙන්නනවා තමන්ගෙ ගායනා නිසා නිර්මානය වෙලා තියෙන දේ.මොනවද කියලා.ලෝකයක් නිර්මානය වෙලා තියෙනවා ඔවුන් දකිනවා.සාගරයක් මධ්‍යයෙ එක් දිවයිනක් වගේ.නිර්මානය වුන අවකාශය තුල ලෝකයක්.මේ ලෝකය පෙන්නවා එරු අයිනූරයන්ට කියනවා.නුඹලව යවන්නෙ එක් රාජකාරියක් උදෙසා නුඹලා එය ඉටු නොකර මෙම අකාලික මැදුරට එන්න අවසර නෑ කියලා.
ඉතින් මේ අයිනූරයන් සියල්ලම මේ අකාලික මැදුර හැරදාලා මධ්‍යම.පෘතුවියට එනවා.නමුත් මේ ටයිම්ලස් හෝල් එකේ අයිනූරයන් දෙන්නෙක් පමනක් ඉතුරු වෙනවා.
මේ අකාලික මැදුරෙන් පිටවුන අයිනූරයන්ගෙන් 14 දෙනෙක් වැලරුන් විදියටත් මෙයින් 8දෙනෙක් අරතාර් වරුන් විදියටත් අනෙක් සියලුම අයිනූර් ජීවින් මයාර් වරු විදියටත් හදුන්වනවා.
මේ වැලරුන් 14 දෙනා වුනේ මාන්වේ ,වාර්දා ටුල්කාස් , ඔරොමෙ ,ඖලේ , නෙස්සා ,නියෙන්නා , යවානා , උල්මෝ , ඉර්මේ , වඉරෙ , වානා , එස්ටේ වගේම මාන්ඩෝස් මෙයින් 8දෙනෙක් අරතාර් වරුන් විදියට පත් කෙරුනා.මෙල්කෝර් වත් වැලරෙක් විදියට සැලකුවත් ඔහු අදුරට ගිය නිසා වැලරෙක් විදියට ගනන් කෙරෙන් නෑ වගේම මාන්වේ හා මෙල්කෝර් සහොදරයින්ද වුනා.
අරතාර් වරුන්ගේ නායකයා හා මධ්‍යම.පෘතුවියේ අදිරජ මාන්වේ හා ඔහුගේ බිරිද වාර්දා දෙවගන
ඖලේ හා යවානා දෙවගන
ඔරෝමේ නම් උන දඩයක්කාරයා
උල්මෝ නම් සාගරයට අධිපති වැලාර් වරයා
මාන්ඩෝස් හා ටූල්කාස් යන දෙදෙනායි.
ඒ වගේම ආර්දාව යුග 6කින් සමන් විත වුනා ඊලග වීඩියෝ එකේදි සවිස්තරාත්මකව කතා කරමු.
Before Lights ආලෝකය මධ්‍යම පෘතුවියෙ ඇතිවීමට පෙර වැලියන් වසර 1900 ක කාලයක් ගත වුනා මේ වැලියන් වසරක් කියන්නෙ වැලරුන්ගෙ වර්ශ වලින්.
මේ කාලය ඇතුලෙ තමා ඖලේ යවනා වගෙ අය මධ්‍යම.පෘතුවිය ලස්සන කරන්නෙ.
ඒ වගේම ඉලුයින් හා ඔර්මාල් කුලුනු මත මධ්‍යම.පෘතුවියෙ ප්‍රථම ආලෝක ප්‍රදීපස්ථම්භ වල යුගය ආරම්භ වෙනවා මේ යුගයට් වැලියන් වසර වලින් 1600ක කාලයක් ගත වෙනවා.මේ කාලයෙදි තමා සෞරෝන් මෝර්ගොත් සමග එකතු වෙලා ආර්දාව කොටස් තුනකට විනාශ කරන්නෙ.
ඊට පස්සෙ එනවා Years Of Trees.මධ්‍යම.පෘතුවියෙ පලමු ආලෝක ප්‍රභව උන illuin හා ඔර්මාල් කියන ආලෝක ප්‍රභව විනාශ වුනායින් පස්සෙ වැලරුන් බටහිර නිර්මානය උන දූපතක් වුන වැලිනෝර් වලට සංක්‍රමනය වෙලා මේ දූපතේ වාසස්තාන හදාගන්නවා.ඒ වගේම මේ Years Of Two Trees වැලියන් වසර 1500කින් අවසන් වෙනවා.years of trees වල කාලයෙ ආලෝකය ලැබුනේ රිදී පැහැති තෙල්පෙරියන් ශාකයෙනුත් රත්‍රන් පැහැති ලෝරිලන් ශාකයනුත්.
ඉතින් මේ කාලයෙදි මේ years of two trees වල එල්වයන් ඉපදීම, මෙල්කෝර් වැලරුන්ගෙ ග්‍රහනයට නතු වීම ෆෙයනෝර් සිල්මරිල් මානික්‍ය නිපදවීම වගේම එල්වයන් මධ්‍යම පෘතුවියට පැමිනීම වගේ ගොඩක් සිද්දි මේ කාලයේ සිද්ද වුනා.
මේ Years Of Trees වල කාලය මෙල්කෝර් හා උන්ගෝලියන්ට් නම් මැකිලිය සමග එකතු වෙලා Two Trees විනාශ කරායින් පස්සෙ අවසන් වෙනවා.මේ ශාක දෙකේ අවසන් ඵල දෙකෙන් සූර්‍යා හා චන්ද්‍ර්‍යා නිර්මානය කරනවා.
මධ්‍යම.පෘතුවියෙ පලමු යුගය විදියට හදුන්වන යුගය ආරම්භ වෙනවා.ඒ සූර්‍යා හා චන්ද්‍රයගෙ ආරම්භයෙන්.පලමු යුගය වැලියන් වසර 490කින්ද සූර්‍ය හා චන්ද්‍ර වර්ශ 510කින් යුක්ත වෙනවා.මේ යුගයේදි මෙල්කෝර් පරාජය වීම, මකරුන් නිර්මානය , මධ්‍යම පෘතුවියෙ මිනිසුන් පහල වීම වගේ ගොඩක් සිදුවීම් සිද්ද වුනා.
Namarie Mellonin
Comments
Post a Comment