Part 01
Music Of Ainur - Ainulandale
මෙහි සිටියා එරු නොහොත් ඉලුවතාර් කියලා මහාබලසම්පන්න දෙවි කෙනෙක්.මොහු සිටියේ කාලය ගත නොවෙන අකාලික මැදුරක.ගනන් කර නොහැකි තරම්.කාලයක් මොහු මෙහි තනිවම ගත කරනවා.මෙහි ඇති කම්මැලිකම දුරු කරගැනීමට මොහුගේ ජීවයේ අග්නිය භාවිත කොට මොහුගේ සිතුවිලි වලින් ජීවීන් නිර්මානය කරනවා.ඔවුන් අපි අයිනූරයන් විදියට හදුන්වමු.මෙම අයිනූරයන් අතරින් කොටසක් වැලරුන් විදියටත් අනෙක් කොටස මයාර් වරු විදියටත් නම්.කරමු.
මෙතනදි එරු විසින් සංගීතයක තනුවක් එරු විසින් ගායනා කරනවා.මෙයට අයිනූරයනුත් ගායනයෙන් සහභාගී වෙනවා.මෙම ගීතය අයිනූරයන් කන්ඩායම් විදියට හා තනි තනිව එක්ව ගායනා කරන්න වුනා.ඒ අතරම මෙම සංගීතයට බාදාකරමින් ඝෝශාකාරී සංගීතයක් මතුවෙන්න ගත්තා.මෙහි උච්චතම අවස්තාව වන විට එරු විසින් මෙය නතර කරනවා.එරු විසින් නැවත නව තනුවක් ගායනා කරන්න ගන්නවා.මෙයටත් පෙර සේම ඝෝශාකාරී වාදනය එකතු වෙනවා.මෙවර එරු විසින් තමන්ගෙ දකුනු හස්තය ඔසවා එම ගායනය නතර කොට තවත් ගායනයක් පටන් ගන්නවා.මෙවරත් මේ ඝෝශාකාරී සංගීතය පටන් ගත්තා.මෙවර එරු විසින් නැගී සිට
මෙල්කෝර් අයිනූර් අතරින් බලවන්තයා නුඹ වෙන්න පුලුවන් නමුත් නුඹ මතක තබා ගත යුතුයි මා එරු නොහොත් ඉලුවතාර් බව.
මෙම සිදුවීම.නිසා කෝපයටත් ලැජ්ජාවටත් පත් වුන මෙල්කෝර් මේ කාලයේ නිමක් නැති ශාලාවෙ තනියම ඇවිදින්න ගන්නවා.මොහු Flame Impreshable නොහොත් ජීවිය නිර්මානය කිරීමේ අග්නිය සොයා යනවා.නමුත් මෙල්කෝර්ට එය හමුවෙන්නෙ නෑ.එරු පසුව කියනවා Flame Imperishable යනු එරුමයි කියලා.
මෙල්කෝර් මේ කාලයේ නිමක් නැති ශාලවේ ඇවිදින කාලය තුලදි එරු ඉලුවතාර් විසින් අයිනූරය්න්ට පෙන්නන්වා ඔවුන්ගෙ ගායනයන්ගෙ ප්‍රතිපල.නිමවී ඇති Ea ව හා Arda ව.
(Ea විශ්වය /Arda මධ්‍යම පෘතුවි ගෝලය)
එරු විසින් මේ අයිනූරයන්ට කියනවා මධ්‍යම පෘතුවිය ගොස් මේ මධ්‍යම පෘතුවිය තමන්ගෙ දරුවන් වන එල්වයන්ට හා මනුශ්‍යන්ට ජීවත් වීමට සුදුසු ලෙස නිර්මානය කරන්න කියලා.
මේ උපදෙස් පිට මේ අයිනූරයන් මේ ශාලාවෙන් මධ්‍යම පෘතුවියට එනවා.මොවුන්ගෙන් 14ක් වැලරුන් විදියටත් වැලරුන්ගෙන් 7 දෙනෙක් අරතාර් වරුන් විදියටත් නම් වෙනවා.අනෙක් සියලුම අයිනූරයන් මයාර් වරු විදියට නම් වෙනවා.මේ අතර සෞරෝන් ගැන්ඩාල්ෆ් ගෝත්මොන්ග් ඩූරින් බේන් සරුමාන් වගේ අයත් මේ අතර සිටියා.මේ වැලරුන් 14න් කෙනෙක් තවමත් සිටින්නෙ එරුගෙ ශාලාවේ.ඒ ටූල්කාස් වැලාර් වරයා.මෝගෝත් පවා මේ මොහොතෙ සිටින්නෙ එහියි.
ඉතින් මේ අනෙක් වැලරුන් හා මායර් වරුන් එක්ව මේ ආර්දාව ලස්සන ස්තානයක් බවට පත් කරනවා.මෙය බලාගෙන ඉන්න බැරි වුන මෙල්කෝර් එරුට වෛර කරන නිසාත් මොහු Ea වට ඇතුල් වී මධ්‍යම පෘතුවියට එනවා.මොහු මේ මධ්‍යම පෘතුවිය විකුර්ති කරන්න ගන්නවා වගේම වැලරුන්ගෙ නිර්මාන විනාශ කරන්න ගන්නවා.මේක දුටු ටුල්කාස් එනවා ආර්දාවට.ආර්දාවට ඇවිල්ලා මෙල්කෝර් ව ea වට යනකල් ලුහුබැද ගියත් අල්ලගන්න බැරි වෙනවා.ඔහු නැවත පැමිනෙන්න වෙලාව එන තුරු සැගව සිටියා.
ඉතින් වැලරුන් හා මයාර් වරුන් මේ ආර්දා තලයෙ හරි මැද දිවයිනක් නිර්මානය කරනවා වගේම මෙයට ආලෝක ප්‍රභව දෙකක් නිර්මානය කරනවා ඒ ඉලුයින් හා ඔර්මාල් ආලෝක ප්‍රභව දෙක.මේ දෙක උතුරින් හා දකුනෙන් ස්තාන ගත කරනවා.ඉතින් කදු ගංගා නිම්න නිර්මානය කරලා වනාන්තර මවලා ලස්සන කරපු මේ මධ්‍යම පෘතුවියෙ අල්මරේන් දිවයිනෙ මංගල්‍යක් ගන්න ලෑස්ති වෙනවා.ඒ ටූල්කාස් හා නෙස්සා දෙවගනගෙ විවාහය.මේ විවාහයෙන් පස්සෙ ටූල්කාස් දීර්ග නින්දකට වැටෙනවා.මෙයින් ප්‍රයෝජන ගත් මෙල්කෝර් හොරාට ආර්දාවට පැමින උතුරෙ ආලෝක ප්‍රභවය විනාශ කරලා උටුම්නෝ බලකොට නිර්මානය කරන්වා ව්ගේම් ආරක්ශාවට යකඩ කදු පන්තිය නිර්මානය කරගන්නවා.
මෙල්කෝර් ගෙ පැත්තට සෞරෝන් එකල මයිරෝන් විදියට ඉදපු මයාර් වරයා ඇතුලු තවත් මයාර්වරුන් ගොඩක් එකතු වෙනවා.මෙල්කෝර් හා අනෙක් වැලරුන් අතර යුද්ධයක් ඇති වෙලා මධ්‍යම පෘතුවිය කොටස් තුනකට වෙන් වෙනවා ඒ
වැලිනෝර් දේශය
මධ්‍යම පෘතුවිය හා
නැගෙන හිර.සූර්‍ය දේශය.
වැලරුන් සිටි අල්මරෙන් දිවයිනත් විනාශ වෙනවා වගේම මෙල්කෝර් විසින් Misty Mountains කදු පන්තියක් ඔසවනවා වගේම එහි තද මීදුමක් ඇති කරනවා.
වැලරුන් වැලිනෝර් හි නව ජීව්තයක් ආරම්භ කරනවා ඒ වැලිමාර් නගරය පෙරටු කරගෙන.ඔවුන් විසින් වැලිනෝර් වල නැගෙනහිරින් පෙලෝර් කදුවැටියක් නිර්මානය කරනවා එහි උසම කන්ද වුන ටන්ක්විටෙල් හි මාන්වේ ගේ ශාලාව නිර්මානය කරනවා.
ඊලග කොටසෙන් අපි වැලරුන් හා මයාර් වරු ගැන දැනගමු 🌚
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
🌚❤️
ReplyDelete